27 C
Colombo
24/11/2024

දුෂණ චෝදනා ඇති ඇමතිවරුන් අද හෙටම ඉවතට – දැවැන්ත කැබිනට් සංශෝධනයකුත් එයි

Share with your friends :

දුෂණ චෝදනා සහ වෙනත් විවිධ චෝදනා එල්ලවී ඇති ඇමතිවරුන් ධුර වලින් ඉවත්කර නව ගමනක් ආරම්භ කිරීමට රජයේ ඉහලම නායකයන් තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. මීට අමතරව ඉහලම පෙලේ නිලධාරීන් කීපදෙනෙකුද වෙනස් කිරීමට නියමිතව තිබේ.
පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුරදී ප්‍රකාශ කර තිබුනේ මෙතෙක් රජය පැමිණි ගමන වෙනස් කර නව වැඩකටයුතු රැසක් ආරම්භ කරන අතර දුෂිතයන් ඉවත් කරන බවය.
වැරදි නිවැරදි කරගෙන දුෂිතයන් ඉවත් කරන්නේ නම් ආණ්ඩුවේ ජනප්‍රියතාවය යලි ලබා ගත හැකි බව ආණ්ඩුවේ නායකයන්ගේ මතය වී තිබේ.
මේ අතර දැවැන්ත කැබිනට් සංශෝධනයක්ද මේ සමගම සිදු කරනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ඇමති සංශෝධනයක් සමග නවතත්වයකින් හා නව වැඩපිල්වෙලකින් නව ගමනක් ආරම්භ කිරීම රජයේ අරමුණවී තිබේ.

Share with your friends :