රජයට අයත් මිල්කෝ ආයතනය හයිලන්ඩ් කිරිපිටි මිල ගණන් සංශෝධනය කර තිබේ.
ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 90කින් හා කිලෝ ග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් රු 225කින් මිල ඉහළ නංවා ඇත.
මිල සංශෝධනය කිරීමෙන් අනතුරුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 490කට සහ කිලෝග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 1,170කට අලෙවි කෙරේ.
ලෝක වෙළඳපොළ මිල ඉහළයාම මෙම මිල ඉහළයාමට කෙසේ බලපාන්නට ඇත්දැයි පැහැදිලි නැත.
