සහල්, කිරි පිටි සහ ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල ඉහළ නැංවීමට විරෝධය දක්වමින් සමගි බලවේගය පක්ෂ විසින් සංවිධානය කළ විරෝධතාවයක් කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී අද (15) පස්වරුවේ පැවැත්විණ.
සමගි ජන බලවේගය පක්ෂයට අයත් කාන්තා සංවිධාන කිහිපයක නියෝජිතවරියන් ඇතුළු පිරිසක්ද විරෝධතාවයට සහභාගී වූහ.