27 C
Colombo
18/01/2025

පශ්චාත් උපාධියට ගණකාධිකරණය හැදෑරු යොහානි සංගීතය තෝරාගත් හේතුව

Share with your friends :

ලොව පුරා ජනතාවගේ අවධානය දිනාගත් යොහානි ද සිල්වා සංගීතයට යොමුවූ ආකාරය පිළිබඳව පළමුවරට මාධ්‍යට හෙළි කළාය.

ඒ මීගමුව ප්‍රදේශයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

“හැමදේම හදිසියේ වුණේ. මටත් තාම හිතාගන්න බෑ. අපි ගොඩක් මහන්සි වුණා. ගොඩක් වැඩකළා. මට ජාත්‍යන්තරයට යන්න ලැබුණේ මොන විදිහටද කියලා මමත් තාම දන්නේ නෑ. මට දැනෙන විදිහට මේක තනියෙන් කරපු දෙයක් නෙමෙයි. කණ්ඩායම තමයි මේකෙ ශක්තිය. මම හයිද්‍රබාද්වල ෂෝ එකට යන්න කලින් ටිකට් 400 යි විකිණිලා තිබුණේ. ඒ වුණාට ෂෝ එක වෙලාවේ ටිකට් 2,000කට වැඩිය විකිණිලා. ඉන්දියාවේදි මම මැනේජ්මන්ට් ටීම් එකක් එක්ක සයින් කළා. සල්මන් ඛාන් මට මුලින්ම කතා කළේ හින්දි භාෂාවෙන්. ඔහු දැනන් හිටියේ නෑ මට හින්දි බෑ කියලා. රටවල් ගොඩකින් ම ආරාධනා ලැබිලා තියෙනවා. ඉක්මණටම යන්නේ ඩුබායි සහ ඕමාන්. ඉදිරියේදී UK, USA සහ යුරෝපය වගේ රටවල්වලට. ඉන්දියානු සංචාරයත් එක්ක ඉන්දියාවේ නතර වෙන්න කියලා ආරාධනයක් ආවත් මම ආපහු මෙහෙට එයි. මම 2019 වෙකම් සංගීතය කරන්න නෙමෙයි හිටියේ. ගණකාධිකරණය මම කළේ. උපාධිය කළේ ලොජෙස්ටික්ස්. ඒ වෙනකොට සංගීතය ගැන බලාපොරොත්තුවක් තිබුණේ නෑ. 2019 දී මට අවස්ථා දෙකක් තිබුණා. එක්කො ඔස්ට්‍රේලියාවල ඉන්න. නැත්නම් ලංකාවට ඇවිත් මුල ඉඳලා මියුසික් පටන් ගන්න. මම ආයේ මුල ඉඳලා ඉගෙන ගත්තා. මං හිතන්නේ ඉගෙන ගන්න එක තමයි හොඳම දේ. මම විශ්වාස කළේ ‘ස්ටාර්’ කියන එක. දෙමව්පියන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. තාත්තාගෙන් නීතිරීති නෑ. ගල්මුල් හැම ක්ෂේත්‍රයකම එනවා. හැමෝගෙම ගමන්වල එහෙම දේවල් තියෙනවා. මං කලාකරුවෙක්. ඒ නිසා දේශපාලනයට එන්න බලාපොරොත්තුවක් නෑ. මම දෙන පණිවුඩය තමයි පරාජය භාරගන්න සූදානම්වෙලා ඉන්න කොයිවෙලාවෙත්. එතනින් ඉදිරියට යන්න පුළුවන්.”

Share with your friends :