27 C
Colombo
19/01/2025

ආණ්ඩුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී NSB සභාපතිනිය හමුවී කිව්වේ මොනවාද ?

Share with your friends :

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ රුපියල් මිලියන 600 ක පරිඝනක දෘඩකාංග ටෙන්ඩරයකට ආණ්ඩු පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු එම බැංකුවේ සභාපතිනියට බලපෑම් කර ඇතැයි බැංකු සේවකයෝ පවසති.
අනේබල් සමාගමක හිමිකරු සමග එහි ගොස් ඇති මෙම මන්ත්‍රීවරයා අදාළ සභාපතිනියට බලපෑම් කර ඇත්තේ අදාළ සමාගමෙන් එම මිලදී ගැනීම සිදු කරන ලෙස පවසමිනි.
මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පත් කරන ලද්දේ ආණ්ඩුවේ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් කටයුතු වලට විශාල ප්‍රයෝජනයක් ගැනීම සඳහාය. එහෙත් මේ විට අඩුම තරමින් ආණ්ඩුව මුහුණ දෙන එවැනි ගැටළු සහගත තත්වයන් වලදී පාර්ලිමේන්තුවේදී හෝ ආණ්ඩුව වෙනුවෙන් මොහු පෙනී සිටින්නේ නැත.
ස්ත්‍රීන් සම්බන්ධයෙන් හා අයථා ගනුදෙනු සම්බන්ධයෙන් දැඩි ප්‍රසිද්ධියක් උසුලන මොහු මහින්ද රාජපක්ෂ රජයේ දී මෙරට ප්‍රධාන පෙලේ ආයතනයක සභාපති ධුරය දැරූ අතර එහිදී ඔහු කටයුතු කල ආකාරය නිසා එම ස්ථානයේ ගෞරවයට පවා විශාල බලපෑමක් එල්ල විය.
අනේබල් ආයතනයේ හිමිකරු සමගද ඔහුගේ සම්බන්ධතාවය ගැන බොහෝ කතා තිබේ. කෙසේ වෙතත් මේ දෙපල ගෙන් රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ට විශාල කරදරයක් මේ දින වල පවතී. ඔහු ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකුගේ නම විකුණමින් මෙම බලපෑම් කිරීම නිසා එම ඇමතිවරයාගේ කීර්ති නාමයටද සිදුවන්නේ විශාල බලපෑමකි.
මේ අනේබල් සමාගම මහජන බැංකුවට රුපියල් මිලියන 250 ක් වටිනා පරිඝනක හා මෘදුකාංග මිලියන 850 කට ලබාදීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේද ප්‍රශ්න කර තිබිණි.

Share with your friends :