ඉන්දීය යුධ හමුදාපති ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවේන් (Manoj Mukund Naravane) මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා අද(12) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .
එතුමා සමග දූත පිරිස ලෙස එරට යුධ හමුදාවේ උසස් නිලධාරීන් තවත් සිව් දෙනෙකු ද පැමිණ සිටියහ.
මෙම ඉන්දීය යුධ හමුදා පිරිස අද(12) උදෑසන 11.05ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය යුද හමුදා ප්‍රධානියා මෙරට සංචාරයක නිරත වන බව යුද හමුදාව සඳහන් කළේය.
මෙම සංචාරය තුළදී ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයේ ප්‍රධානීන් සහ ආරක්ෂ අංශ ප්‍රධානීන් හමුවීමට නියමිතව ඇත.
ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් නාරාවන මහතා ලබන බ්‍රහස්පතින්දා සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තුවේ 38 වන සංවත්සර උත්සවයටද සහභාගීවීමට නියමිතය.