27 C
Colombo
20/01/2025

පොහොර ඉල්ලා දෙහිඅත්තකණ්ඩිය,මින්නේරිය ගොවීහු පාරට බසිති

Share with your friends :

මෙවර මාස් කන්නයේ වගා කටුතු සදහා පොහොර ලබා දෙන ලෙස රජයට බලකරමින් දෙහිඅත්තකණ්ඩිය නගරයේදී උද්ඝෝෂණයක් අද දහවල් පැවැත්වුණි.

ජලය ලබා දුන්නත් නියමිත වෙලාවට පොහොර නොලැබුණහොත් මෙවර මාස් කන්නයේ වගා කටයුතු නොකරන බව පවසමින් ගොවිහු මෙහිදී උද්ඝෝෂණය කළහ.පන්සීයකට ආසන්න පිරිසක් මෙයට එක්ව සිටියහ.

මහවැලි ගොවි අයිතීන් සුරැකීමේ සංවිධානය මෙය සංවිධානයකර තිබුණි.

මේ අතර වගාවට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස සහ ඉහළ යන ජීවන වියදම පහත හෙළන ලෙස රජයට බල කරමින් ගොවීහු පිරිසක් මින්නේරිය මහ ගොවිජනපදයට අයත් හිඟුරක්ගොඩ, හතමුණ වෙල් යායේදී අද (11) උද්ඝෝෂණයෙක නිරත වූහ.

ගොවියා මර උගුලකට හසුකර ආණ්ඩුව මර නින්දේ පසුවන බව විරෝතාවට එක්ව සිටි ගොවි ගෙවිලියෝ කියා සිටියහ.

එම නිසා ගොවියා නසන රට වනසන ආණ්ඩුවට එරෙහිව මේ විරෝධතාව දක්වන බව කියා සිටි උද්ඝෝෂණකරුවෝ වගාවට අවැසි පොහොර නිසි කලට ලබාදෙන්නැයි ඉල්ලීම් කළහ.

සමගි ජනබලවේගයේ මින්නේරිය ආසන බල මණ්ඩලය මේ ගොවි උද්ඝොෂණය සංවිධානයකර තිබුණි.

Share with your friends :