27 C
Colombo
19/01/2025

බන්දුල ගුණවර්ධන ඇමති තනතුරේ තබාගෙන වංචාව ගැන පරීක්ෂණ සිදුකර පලක් නැහැ

Share with your friends :

ලක් සතොස ආයතනයේ සිදුව ඇති සුදුළූණු වංචාවට අදාළ සියලු දත්ත දැන් මකා දමමින් සිටින බවද , බන්දුල ගුණවර්ධන ඇමති තනතුරේ තබාගෙන වංචාව ගැන පරීක්ෂණ සිදුකර පලක් නැති බවද පරිභෝගීක කටයුතු අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

පසුගිය යහපාලන රජයේ හිටපු ඇමතිවරයකු ඥාති පුත්‍රයෙකු ට ලක් සතොස ෂොපින් බෑග් කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බවත් එය මිලියන 270 ක වටිනාකමක් ඇති බවත් ඒ මහතා පැවසීය.

ලක් සතොසේ තේ වියදම පමණක් රුපියල් මිලියන 29ක් යැයිද ඔහු පවසයි.

අද සතොස ආයතනයේ සංචාරක බංගලා පාවිච්චි කරන්නේ අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ බවත් පැවසූ අවසන ඔහු සතොස වාහන තබාගෙන කුලී වාහන වලට අසාමාන්‍ය මුදලක් ගෙවමින් සිටින බවද කියා සිටී.

සියලු දූෂණ හෙළි කිරීමට තමන් ජනාධිපතිතුමා මුණගැසීම සඳහා වෙලාවක් ඉල්ලා ඇති බවත් කතාව ඇසූ ගමන් එතුමා සතොස වසා දමනු ඇති බවත් ඔහු කියයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේය.

Share with your friends :