27 C
Colombo
19/01/2025

ජනපති ස්වයං විවේචනයක – විමල් හීලෑ වෙයි – කැබිනට් සංශෝධනයක් ගැනත් කතා

Share with your friends :

පසුගිය වසර දෙකේදී සිදුවූ වැරදි නිවැරදි කර ගනිමින් ස්වයං විවේචනයක් සහිතව ඉදිරි වසර තුන තුළ සෞභාග්‍යයේ දැක්ම නිවැරදිව ක්‍රියාත්මක කිරීම සඳහා කැපවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය එකඟත්වයකට පැමිණ ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම එකඟතාවය ගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේම යෝජනාවකට අනුවය.

‘පසුගිය කාලයේ මගෙනුත් අඩුපාඩු වෙන්න ඇති. ඇමැතිවරුන්ගෙන්ද අඩුපාඩු වෙන්න ඇති. ස්වයං විවේචනයක් තුළ අඩු පාඩු මගහැර ඉදිරි වසර තුනේදී එකතුවෙලා වැඩ කරමු ’ යනුවෙන් ජනාධිපතිවරයා යෝජනා කර තිබේ.

එම යෝජනාව ක්‍රියාත්මක කළ යුතු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ ඩලස් අලහප්පෙරුමද අදහස් පළකරමින් සනාථ කර තිබේ.

ඉකුත් 7 වැනි බ්‍රහස්පතින්දා මෙම විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්විනි.

එහිදී ජනපතිවරයා දීර්ඝ කතාවක් කරමින් ආණ්ඩුවේ ගමන් මග පිළිබඳවත් , ඉදිරි ගමන් මග පිළිබඳවත් දීර්ඝ කතාවක් සිදුකරන ලදී.

එහිදී නොසිතූ ආකාරයට පැමිණි කොවිඩ් වසංගතය මෙන්ම රට සාමාන්‍යකරණයට හැරීමෙන් පසු ආන්ඩුවේ පිරිස් භේද භින්න නොවී සාමූහිකව කටයුතු කළ යුතු ආකාරය ගැනත් ජනාධිපතිවරයා අදහස් ප්‍රකාශ කළේය.

ඉන්පසුව අදහස් අනුමත කරමින් තිබෙන්නේ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා කතා කළේය.

ඊට පසු කැබිනට් මණ්ඩලය අමතා අදහස් ප්‍රකාශ කර තිබෙන්නේ විමල් වීරවංශ ඇමැතිවරයාය.

“ජනපතිතුමනි , අපෙනුත් වැරදි අඩුපාඩු වෙන්න ඇති.අපි ඒවා නිවැරදි කර ගමු.කොවිඩ් වසංගතය නිසා ඇති වූ තත්ත්වය තුළ අපි හැමෝම හිටියේ කලබලයෙන්.”

“අපි හැමෝම සාමූහිකව මේ ගමන ගියොත් කිසි කෙනෙකුට අපිට කකුල් මාට්ටු දාන්න , අපේ කකුලෙන් අදින්න බැහැ.අපි හැමෝම හදපු ආණ්ඩුව මේක. ඒ නිසා අපි හැමෝටම වගකීමක් තියෙනවා මේ ආණ්ඩුව රැකගෙන ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න. අපි එක්ව ජයගමු.” විමල් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් වීරවංශ අමාත්‍යවරයාගේ අති මිත්‍ර කැබිනට් ඇමතිවරුන් දෙදෙනා වන උදය ගම්මන්පිල හා වාසුදේව නානයක්කාර අමාත්‍යවරුන් ඒ ගැන කිසිවක් ප්‍රකාශ නොකළහ.

එහෙත් වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා සහ ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා සමග වෙනත් ප්‍රශ්නයකට වදයක් ඇති කරගත්තේය.
ව්මල්ගේ මේ හදිසි වෙනස්වීම බොහෝ ඇමතිවරුන්ට කුතුහලයක් බව පැවසේ. ළඟ එන කැබිනට් සංශෝධනය මීට හේතුවක් ලෙස ඇතැම් ඇමතිවරු අතර කතාබහක් ඇතිවී තිබේ.

Share with your friends :