27 C
Colombo
18/11/2024

නිරුපමා – තීරු කුමාර් නඩේෂන් රටින් පිටව ගිහින් ?

Share with your friends :

මේ වන විට මතභේදාත්මක චරිතයක් බවට පත්ව සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍යවරිය වූ නිරූපමා රාජපක්ෂ මහත්මිය රටින් පිටව ගොස් ඇති බව අනාවරණය වී ඇත.

පසුගිය පළවෙනිදා ඇය කටුනායක ගුවන් තොටුපොළින් ඩුබායි බලා පිටත්ව ගොස් ඇත්තේ එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින්.

රාජපක්ෂ මහත්මිය විදේශගත වීමට පෙර ඇගේ ස්වාමි පුරුෂයා වන තිරු නඩේෂන් මහතාද රටින් පිටව ගොස් ඇති බව පැවසේ.

නිරූපමා රාජපක්ෂ මහත්මිය මෙසේ රටින් පිටව ගොස් තිබෙන්නේ ඇය හා ඇගේ ස්වාමිපුරුෂයාගේ අයථා වත්කම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කළ පැන්ඩෝරා පත්‍රිකා එළිදැක්වීමට දින දෙකකට පෙරය.පැන්ඩෝරා පත්‍රිකා එළි දැක්වුණේ ඉකුත් 3 වැනි දිනය.

නිරූපමා රාජපක්ෂ මහත්මියගේ ස්වාමි පුරුෂයා වන තිරු නඩේෂන් මහතා රහස් සමාගම් කිහිපයක් හරහා කළ ගනුදෙනු පිළිබඳව පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් කර තිබිණි.

2011 වන විට නඩේෂන් මහතාගේ එක් සමාගමක් සතුව පැවති වත්කම් වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 160ක් (අද වටිනාකම රු. මිලියන 32000ක් පමණ) බවයි පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් වී ඇත.

එම කාලය වන විට නිරූපමා රාජපක්ෂ මහත්මිය එවකට පැවති මහින්ද රාජපක්ෂ රජයේ ජල සම්පාදන හා ජලාපවහන නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කලා.

“පැන්ඩෝරා පත්‍රිකා” යනු ලෝකයේ විවිධ රටවල දේශපාලනඥයින්ගේ දූෂණ පිළිබඳව ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සාමූහිකය (ICIJ) විසින් හෙළිදරව් කළ තොරතුරු ඇතුලත් ලියවිල්ලකි.

ICIJ විසින් චෝදනාවන්ට ලක් වූවන්ට අදාල පැහැදිලි කිරීම් සඳහා ඉකුත් සැප්තැම්බර් 20 වෙනිදා දක්වා කල් ලබා දී තිබිණි.

නිරූපමා රාජපක්ෂ මහත්මියගේ පියා වන ජෝර්ජ් රාජපක්ෂ මහතා හිටපු අමාත්‍යවරයෙකුද විය.

Share with your friends :