පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට නියම කර ඇති මරණ දඬුවම ඉවත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති අභියාචනා පෙත්සම සලකා බැලීමට දින නියම කර තිබෙනවා. මෙම පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවා තිබිණි.
නිශ්ශංඛ බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවා තිබිණි. ඒ අනුව නොවැම්බර් 25 වැනිදා පෙත්සම සලකා බැලීමට දින නියම කෙරිණි.
2015 ජනාධිපතිවරණ සමයේදී කහවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩිතබා මරා දැමීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් 03 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබිණි. රත්නපුර මහාධිකරණය හමුවේ මෙම නඩුව විභාග වූ අතර අධිකරණය නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විත්තිකරුවන් තිදෙනාට මරණ දඬුවම පැනවිණි.
අදාල තීන්දුව දෝෂ සහිත බැවින් එම තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා ජයසේකර මහතා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.