27 C
Colombo
21/01/2025

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා ඉන්දීය විදේශ ලේකම් ඉන්දු – ලංකා සබඳතා ගැන සාකච්ඡාවක

Share with your friends :

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (4) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූයේය.

අරලියගහ මන්දිරයේදී මෙම ද්විපාර්ශවික හමුව පැවත්විණි.

ඉන්දීය විදේශ ලේකම්වරයා අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග බහු ආංශික ඉන්දු – ශ්‍රි ලංකා සබඳතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ඵලදායි සාකච්ඡාවන්හි නිරත වූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියා සිටී.

තවද ඔක්තෝබර් 2වන දිනට යෙදුණු මහත්මා ගාන්ධිතුමාගේ 152වන ජන්ම සංවත්සරය නිමිත්තෙන් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්රින්ග්ලා මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ යන මහත්වරැන් ඇතුළු සම්භාවනීය අමුත්තන් අරලියගහ මන්දිරයේදී ගාන්ධිතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ බවද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

මෙම හමුව සදහා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ යන මහත්වරුන්ද එක්වූහ.

විදේශ අමාත්‍යාංශ ලේකම්, අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය විදේශ ලේකම්වරයා සිව්දින නිල සංචාරයක් සඳහා ඉකුත් 2 රාත්‍රියේ දිවයිනට පැමිණියේය.

ඡායාරූප කැප්ෂන් – ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා ඊයේ (4) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වූ අයුරු ගාන්ධිතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ අයුරු ඡායාරූප වල දැක්වේ.

Share with your friends :