සතොස සුදු ලූනු, උඳු සහ සීනි වංචා සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිවී තිබියදී විධිමත් පරික්ෂණයක් සිදු නොකරන්නේ මන්දැයි සමගි ජන බලවේගය මාතර දිස්ත්රික් මන්ත්රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අද (4) ප්රශ්න කළේය.
සතොස දූෂණ වංචා සම්බන්ධයෙන් තොරතුරු හෙළි කරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු විධායක අධ්යක්ෂක තුෂාන් ගුණවර්ධන මහතාගෙන් ප්රශ්න නොකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බන්දුල ගුණවර්ධන වෙළෙඳ ඇමැතිවරයාගෙන් පමණක් ප්රශ්න කිරීම ගැටළු සහගත බවද හෙතෙම සඳහන් කළේය.
තුෂාන් ගුණවර්ධන මහතා එම දූෂණ වංචාවල ලිපිගොනු බාරදීමට ජනාධිපතිවරයා එනතුරු බලා සිටින බවද හෙතෙම ප්රකාශ කළේය.
මේ සිද්ධියෙන්වලින් පසු සතොස සිසිටිවි පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවත් බිල්පත් ක්රමවේදයද අවුල් සහගත තත්වයට පත්කර ඇති බවත් බුද්ධික පතිරණ මහතා පැවසුවේය.
මේවාට සියලු දෙනාගේ වගකීමක් ඇති බව පැවසූ මන්ත්රීවරයා මෙම වංචා දූෂණ සම්බන්ධයෙන් ගැඹුරින් සොයා බැලිය යුතු බවද මන්ත්රීවරයා ප්රකාශ කළේය.
තමා විවේචනයක් කරන්නේ හේතුවක් ඇතිව බවද ඔහු සඳහන් කළේය.
සතොස සහ පාරිභෝගික කටයුතු අධිකාරිය වහා ගිනි ඇවිලෙන සුළු ආයතන බවට අද පත්ව ඇති බවත් මේ ආයතනවල සිදුවූ දූෂණ වංචා ගැන තමා රාජ්ය ඇමැතිවරයා ලෙස එදා පරීක්ෂණ පැවැත්වූ බවත් මන්ත්රීවරයා පැවසුවේය.