ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) උදෑසන යළි දිවයිනට පැමිණියේය.
ඒ මහතා පසුගියදා එක්සත් ජාතීන්ගේ 76වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය වෙත ගොස් තිබුණි.
ජනාධිපතිවරයා ඩුබායි වෙත පැමිණ එහි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන්යානයෙන් අද උදෑසන 08.55ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.