හදිසි පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුවී තිබේ.
රටේ පවතින වර්තමාන තත්වය හමුවේ තම ජනබලය සම්බන්ධයෙන් තක්සේරුවක් ලබා ගැනීම මෙහි අරමුණවී තිබේ.
කෙසේවෙතත් මේ මොහොතේ මැතිවරණයකට යාම නුවනට හුරු ක්රියාවක් නොවන බව ආණ්ඩුවේ ඇතැම් ප්රබලයන් පෙන්වාදී ඇතත් මැතිවරණ යාන්ත්රණය බාර ප්රබලයන් පවසා ඇත්තේ පළාත් සභා මැතිවරණය පහසුවෙන් ජය ගත හැකි බවය.
කෙසේ වෙතත් රටේ මේ වන විට පවතින තත්වය අනුව පළාත් සභා මැතිවරණයේ කරටකර සටනක් ඇතිවනු ඇතැයි සඳහන්වේ.
වයඹ පළාතේ ශ්රීලංකා පොදු ජන පෙරමුණේ මහඇමති අපේක්ෂකයා ලෙස රාජපක්ෂ පවුලේ තරුණ සාමාජිකයකු කරලියට ගෙන එනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.
පසුගිය කාලයේ මොහු වයඹ පළාතේ විවිධ සංවර්ධන කටයුතු වලට සම්බන්ධ විය.
මේ අතර දයාසිරි ජයසේකර රාජ්ය ඇමැතිවරයාද පාර්ලිමේන්තුවෙන් ඉවත්ව මහඇමති ධුරය සඳහා පුළුල් පෙරමුණකින් තරඟවදින බව ප්රකාශ කර තිබේ.
next post