නව පරපුරේ ගායිකාවන් යොහානිද සිල්වා ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට ආසන්න ගුරුගාවන්හිදී පවත්වන ලද සංගීත ප්‍රසංගයට එරට රසිකයන්ගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබී තිබේ.
ඇය ගීත ගායනා කළ වේදිකාව ඉදිරියේ අතිවිශාල ප්‍රේක්ෂක පිරිසක් රැඳී සිටි බවද වාර්තා වේ.
නැවතත් ඇය හයිද්‍රාබාද් නගරයේදී ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතය.
යොහානි ඉන්දියාවේ නවදිල්ලියට ළඟා වූ අවස්ථාවේ ලක්ෂ ගණනක පිරිසක් ඇය තොටුපළට ඇය පිළිගැනීම සඳහා ගුවන් තොටට පැමිණ සිටියහ.
ශ්‍රී ලාංකික ගායිකාවක් ඉන්දීය ප්‍රේක්ෂකයන් ඉදිරියේ සජීවී සංගීත සංදර්ශනයක් පවත්වන ප්‍රථම අවස්ථාව ලෙසට සටහන් වෙමින් මැණිකේ මගේ හිතේ ගීතයෙන් ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ යොහානි ද සිල්වාගේ ප්‍රථම ඉන්දීය සජීවී සංගීත සංදර්ශනය මෙයයි.
මේ වන විට යොහානි ශ්‍රී ලංකාවේ, බොලිවුඩයේ පමණක් නොව යුරෝපයේ ද ප්‍රසිද්ධියට පත්ව තිබේ.
එම සංගීත සංගීත සංදර්ශනයට සහභාගිවීමට පෙරම යොහානිට අමෙරිකානු ඩොලර් ලක්ෂ 5කට අධික මුදල් ත්‍යාග හිමි වී තිබිණි.
පසුගිය 29 වන දා ශ්‍රී ලංකාවෙන් එම සංගීත සංදර්ශනය සඳහා පිටව ගිය යොහානි ව පිළිගැනීමට නවදිල්ලි ගුවන් තොටුපල අවට ප්‍රදේශයට 450,000ක් පමණ වු ජනකායක් පැමිණ සිටියහ. යොහානිව පිළිගැනීම සඳහා දිල්ලි ගුවන්තොටුපොළ වෙත බොලිවුඩ් සිනමා තරු හා ව්‍යාපාරිකයින් රැසක් පැමිණ සිටියහ.
කුනාල් දේශ්මුක් විසින් අධ්‍යක්ෂණය කළ ‘ෂිද්දත්’ හින්දි චිත්‍රපටයේ නිල තේමා ගීතයේ පසුබිමි ගායිකාව ලෙසින් යොහානි ප්‍රථමවරට බොලිවුඩ් චිත්‍රපට පසුබිම් ගායනයට පසුගිය දා පිවිසියාය. එම ගායනය ඇතුළත් හින්දි චිත්‍රපටය ඉන්දියාවට සමගාමීව ලොව පුරා රටවල් රැසක තිරගත කිරීමට නියමිත බව වාර්තා වේ.
මේ අතර ඇයගේ තවත් සංගීත සංදර්ශනයක් එළැඹෙන 3 වන දා හයිද්‍රාබාද් හිදී පැවැත්වීමට නියමිතය. එමෙන්ම විවිධ රටවලින් ප්‍රසංග සඳහා ඇයට ආරාධනා කර ඇති බවද සඳහන් වේ. යොහානි ප්‍රති නිර්මාණය කළ “මැණිකේ මගේ හිතේ” ගිතය යූ ටියුබ් නැරඹුම් වාර මිලියන 100 ඉක්මවා ගොස් ඇති අතර, ගීතයක් “Youtube“ නැරඹුම් වාර ගණන මිලියන 100 ඉක්මවූ පළමු අවස්ථාව මෙය බව ද වාර්තාවේ.