27 C
Colombo
18/01/2025

ඩොලර් ලබා නොදුනහොත් කිරිපිටි තොග හරවා යවන බවට තර්ජන

Share with your friends :

ඩොලර් ලබා නොදුන හොත් කිරිපිටි තොග නැවත හරවා යවන බවට කිරිපිටි අනයනකරුවෝ අනියම් ආකාරයේ තර්ජනයක් සිදු කර තිබේ.
වරායේ සිරවී තිබෙන කිරිපිටි කිලෝ 360,000 නිදහස්කරගැනීමට රජය මේ දක්වා වාණිජ බැංකුවලට ඩොලර් නිදහස් කරනොමැති වීම නිසා වරායේ තිබෙන කිරිපිටි තොගය වෙනත් රටකට ලබාදීමට විදේශ නිෂ්පාදනය සමාගම සමඟ සාකච්ඡා කළ බව කිරිපිටි ආනයනකරුවන් පවසති.

කිරිපිටි තොගය නරක් වීමේ අවදානයමක් ඇති වී තිබීම නිසා එසේ ළඟම රටකට ලබාදීමට සාකච්ඡා කළ බවත් එසේ වුවහොත් රටේ තවදුරටත් කිරිපිටි හිඟයක් ඇති වන බවත් අනයනකරුවෝ පවසති.

වාණිජ බැංකු සමඟ සාකච්ඡා කළ අවස්ථාවේ ද කිරිපිටි නිදහස් කිරීම සඳහා ඩොලර් ලැබී නොමැති බව බැංකු පැවසන එම ආනයනකරුවෝ බැංකුවල මුදල් තැම්පත් කර ඩොලර් ලැබෙන තෙක් බලාසිටීමට සිදුව ඇති බව කියති.

ඩොලරයක් රුපියල් 238 බැගින් ලබාදීමට ඇතැම් අපනයනකරුවන් යෝජනා කරන බවත් එසේ ඩොලර් රුපියල් 35 ක් වැඩියෙන් ලබාගෙන කිරිපිටි තොගය නිදහස් කරගත හොත් කිලෝවක් සඳහා ඩොලර් 4.10 ක අමතර වැයක් වීමෙන් වරායේදීම කිරිපිටි කිලෝවකට රුපියල් 144 ක අමතර මුදලක් එකතු වන බවත් කිරිපිටි ආනයනකරුවන් පවසති.
කෙසේ වෙතත් වර්තමාන ලෝක වෙළඳපොලේ මිල හා ආනයනකරුවන් පවසන වියදම අතර විශාල වෙනසක් පවතී.

Share with your friends :