සතොස ආයතනයේ සිදුවූ බව කියන සුදුලූනු වංචාව පිළිබඳව වාර්තා කරන ලද මාධ්‍යවේදීන් රහස් පොලිසියට කැඳවමින් වලකින්නයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.
කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා කැබිනට් මාධ්‍ය හමුවේ දී මේ බව කියා සිටියේය.
සතොස ආයතනයේ සිදුව ඇති සුදුලුණු වංචාව ගැන අමාත්‍ය බන්දුල ගුණවර්ධණ මහතා විසින් කරන ලද පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණ ක්‍රියාත්මකය.