මහා සාගතයක සහ දැවැන්ත ආර්ථික බංකොලොත් බාවයක පෙරනිමිති ඇස් ඉදිරියේ තිබියදීත් ආණ්ඩුව කොමිස් ව්‍යාපෘතිවල නියැලෙමින් මිනිස් ජීවිත සමග සෙල්ලම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මිනිස්සුන්ට අවශ්‍ය ජීවත්වීමේ මංතීරුව මිස ඇවිදින මංතීරු නොවන බව ආණ්ඩුව තේරුම් ගත යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
දරුවන්ගේ අධ්‍යාපනය නංවන මන්තීරුව, ගොවි ජනතාවට තමන්ගේ කෘෂිකර්මාන්තය ගොඩනඟන මන්තීරුව, ජීවත්වීමේ මාර්ග අහිමි වෙච්ච මිනිස්සුන්ට ජීවත්වීමේ මන්තීරුව සකස් කිරීමට ආණ්ඩුව වහා කටයුතු කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.
විපක්ෂයෙන් හුස්මක් වැඩසටහනේ 28 වන අදියරට පොතුවිල් මූලික රෝහලේදී එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.