27 C
Colombo
22/01/2025

සුළු පක්ෂ දැන් විරෝධය පළ කලත් කැබිනට් මණ්ඩලයේදී චෝදනා කළේ නැහැ

Share with your friends :

යුගදනව් බලාගාරයෙන් කොටස් සියයට හතළිහක් ඇමරිකානු සමාගමට පවරමින් ගිවිසුම අත්සන් කර අවසන් බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

ටෙන්ඩර් කැඳවීමක් නැතිව එම සමාගම සමග ගිවිසුම ගතව ඇත්තේ ඒ සමාගමට එය කළ හැකි ශක්තිමත් සමාගමක් නිසා බව ද ඇමතිවරයා පැවසීය.

මැ​දියම් රාත්‍රියේ එම ගිවිසුම අත්සන් කරන්නට හේතුව දෙපාර්ශ්වයට පහසු මොහොතක එය සිදුකර ඇති නාසා බවත් ඔහු පැවසීය.

මෙය කිසිවෙකු නොදැන සිදුකළ ගිවිසුමක් නොවන බවත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර කැබිනට් මණ්ඩලයේ අවසරය මත සිදු අත්සන් කල ගිවිසුමක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

සුළු පක්ෂ දැන් විරෝධය පළ කලත් කැබිනට් මණ්ඩලයේ දී එම චෝදනාවක් ඉදිරිපත් කර නැති බවද අමාත්‍යවරයා නියයි.

එම ගිවිසුම අත්සන් කර අවසන් බවත් තවදුරටත් එය සැඟවීමට දෙයක් නැති බවත් ඔහු කියා සිටී.

මේ අතරයි යුගදනවි බලාගාරය 40% කොටස් ගැනීම් සඳහා ගිවිසුම් ගත වූ ඇමරිකානු වෙස්ට්කෝට් පවර් සමාගම සඳහන් කරන්නේ තමන් සහ ශ්‍රී ලංකා රජය සමඟ අදාළ ගිවිසුම අත්සන් කර ඇති බවයි.

Share with your friends :