කෙරවලපිටිය විදුලි බලාගාරය අයත් වෙස්ට් කෝස්ට් සමාගමේ කොටස් 40%ක් ඇමරිකානු සමාගමක් වෙත ලබාදී ඇත්තේ වසර 15ක කාලයක් සඳහා බවත් මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී ආණ්ඩුවේ කුඩා පක්ෂ නායකයින් කිසිවෙකුත් මීට විරෝධය පළ නොකළ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.
“අවුරුදු 15ක කාලෙකට 40%ක කොටස් ලබාදීමක් සිදු කරනවා කියන කාරණය පැහැදිලි වුණේ. ඒ කාරණය සම්බන්ධයෙන් එතනින් එහාට ප්‍රශ්නයක් වුණේ නෑ. ඒක මං හිතන්නෙ මේ රටට ඉතාම ප්‍රයෝජනවත් බලශක්ති ක්ෂේත්රයට වැදගත් ඒවගේම මේ රටේ දුප්පත් අසරණ ජනතාවට අඩු මිලට විදුලිය ලබාදිය හැකි ආයෝජනයක අවස්ථාව තියෙයි කියන කාරණය තමයි එතන හිටපු කාටත් පසක් වුණේ”
ප්රශ්නය – හැබැයි ඔබතුමන්ලාත් එක්ක ඉන්න පක්ෂ නායකයින් නම් මේ සම්බන්ධයෙන් විරෝධතාවය පළ කරනවා කියලා තමයි කිව්වෙ ?
“නෑ, කවුරුත් විරෝධතාවයක් පළ කළේ නෑ”
ප්රශ්නය – දැන් අද දිනයේ කවුරුත් එහෙම පළ කළේ නැද්ද ?
“නෑ, කරුණු පැහැදිලි කළාම හැමෝටම තේරුණා. මේ වගේ කෙටි කාලයක් තුළ මේ වගේ ආයෝජනයක් ගන්න පුළුවන් නම් ඒවගේ ආයෝජනයක් මං හිතන්නෙ ලෝකෙ ඕනෙම රටක් ආදරයෙන් වැළඳගන්නවා”
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ ඊයේ (23) ආණ්ඩුවේ හවුල්කාර කුඩා පක්ෂ සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකට පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෛත්‍රීපාල සිරිසේන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, දිනේෂ් ගුණවර්ධන ඇතුළු කුඩා පක්ෂ නායකයින් සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද මෙම සාකච්ඡාවට එක්ව සිටියේය.