27 C
Colombo
20/01/2025

රට විවෘත කිරීමට අලුත් සැලැස්මක්

Share with your friends :

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු රට නැවත විවෘත කිරීමේදී පැනවිය යුතු සෞඛ්‍ය නිර්දේශ හා සීමාවන් පිළිබඳ පූර්ණ සැලැස්මක් සකස් කිරීමට කොවිඩ් මර්දන කමිටුව තීරණය කළේය.

අංශ තුනක් යටතේ මෙම නිර්දේශ සකස් කෙරේ .

කොවිඩ් මර්දන විශේෂ කමිටුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණ.

මේ තීරණ ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.

කොවිඩ් අභියෝගය හමුවේ රටේ ආර්ථික ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට සියලු අංශ එක්ව කටයුතු කළ යුතු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම වසරේ තෙවැනි කාර්තුවේදී සියයට12.3ක ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීමට හැකිවූ බවත් රට වසා තැබීමෙන් එම අගය සියයට 3 ක් දක්වා පහත වැටුණු බවත් හෙතෙම සඳහන් කළේය.

හතරවැනි කාර්තුවේදී ආර්ථික වර්ධන වේගය සියයට තුනක මට්ටමට පවත්වාගෙන යෑමට ඉලක්ක සහගතව කටයුතු කිරීමේ අවශ්‍යතාවද ඔහු පෙන්වා දුන්නේය.

රටේ සමස්ත වාර්ෂික ආර්ථික වර්ධනය ප්‍රතිශතයක් ලෙස සියයට 5 ක මට්ටමක පවත්වා ගැනීමට හැකි වනු ඇතැයිද බැසිල් රාජපක්ෂ මහතා විශ්වාසය පළ කළේය.

පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

Share with your friends :