සතොස ආයතනයේ වංචාවලට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. තමා සුභාවිත දේශපාලනයේ නිරත වන පුද්ගලයෙකු බවත්, දූෂණ වංචා සිදුකර මුදල් උපයා ගැනීමට තමන් කිසිවිටෙක කටයුතු නොකරන බවත් ඔහු පවසයි.
අද පාර්ලිමේන්තු විවාදයට සහභාගිවෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ තමා හෝ තමාගේ පවුලේ සාමාජිකයෙකු හෝ යම් වංචාවකට සම්බන්ධ බවට, කොමිස් මුදල් ලබාගෙන ඇති බවට ඔප්පු කළ හැකිනම් එම අවස්ථාවේදීම දේශපාලනයෙන් සම්පූර්ණයෙන් සමු ගැනීමට කටයුතු කරන බවයි.
සතොස ආයතනයේ සිදුව ඇති සුදුලූණු වංචාව සම්බන්ධයෙන් සහ පරිභෝගික කටයුතු අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරියාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් එල්ල කරන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
සෙක්කුවක් ලඟ සිටිමින් චොකලට් කෑවද බලා සිටින පුද්ගලයන් සිතන්නේ පුන්නක්කු කන බව යැයි ප්‍රකාශ කළ අමාත්‍යවරයා සඳහන් කළේ සත්‍යය මත පිහිටා කටයුතු කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවයි.