27 C
Colombo
20/11/2024

යුගදනවි ගිවිසුම ගැන අමෙරිකාවේ නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගමෙන් නිවේදනයක්

Share with your friends :

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය හිමි වෙස්ට් කෝස්ට් පවර් සමාගමේ 40%ක කොටස් හිමිකරගැනීම සඳහා අදාළ නීතිමය ගිවිසුම අත්සන් කළ බව අමෙරිකාවේ නිව් ෆෝට්‍රෙස් එනර්ජි (New Fortress Energy) සමාගම නිවේදනය කළේය.

ඒ සමගම නව එල් එන් ජී පර්යන්තයක් ඉදිකිරීමේ අයිතිය ද එම සමාගමට හිමිවන බව අදාළ නිවේදනයේ දැක්වෙයි.

එම පර්යන්තය 2023 වනවිට ඉදිකර අවසන්වීමට නියමිතය.

එසේම කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය සඳහා ආයෝජනය කිරීමට සහ ශ්‍රී ලංකාවේ විදුලි බලාගාර සඳහා ගෑස් සැපයීමට ද එම ගිවිසුම අනුව තමන්ට හැකියාව ලැබෙන බව නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගම පැවසීය.

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ විදුලි බල නිපැයුම් හැකියාව මෙගාවොට් 310කි.

Share with your friends :