27 C
Colombo
19/01/2025

රෑ 12.06ට ඇමරිකාවත් එක්ක ගිවිසුම් අත්සන් කරනවා. මේගොල්ලො බකමූණොද? නිශාචරයොද?

Share with your friends :

කෙරවලපිටිය යුගදනවි බලාගාරය හිමි වෙස්ට් කෝස්ට් සමාගමේ කොටස්වලින් රජයට අයත් 40%ක් කොටස් විකිණීමට සහ ස්වභාවික ද්‍රව වායු සැපයීමට අදාළව රජය ඇමරිකානු සමාගමක් සමග පසුගිය 17 වනදා රාත්‍රී 12.06 ට ගිවිසුමක් අත්සන් කර ඇති බවත් පවතින කොවිඩ් තත්වය හමුවේ පනවා ඇති ඇඳිරි නීතිය භාවිතා කරමින් සියල්ල ගුහාගත කර රජය රටට අහිතකර තීන්දු ගනිමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
“මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ 2021.09.06 වෙනිදා. මේ කැබිනට් පත්‍රිකාව අනුමත කරනකොට කිසිම ඇමතිවරයෙක් ගාව මේ කැබිනට් පත්‍රිකාව නෑ. දැකලා නෑ. හැබැයි කැබිනට් මණ්ඩලය අනුමත කරනවා. අනුමත කරලා කියනවා මෙහෙම. “කොටස් විකිණීමේ හා මිලදී ගැනීමේ ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව එය අනුමත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ඇත” අත්සන් කළාට පස්සෙ මොකක්ද අනුමත කරන්න තියෙන්නෙ ? අත්සන් කරලා ඉවරයිනෙ.

එනිසා මොකක්ද වුණේ ? 17 වෙනිදා රෑ මේ රටේ ඓතිහාසිකයි, මේ වගේ ගිවිසුමක් කීයටද අත්සන් කළේ ? මා දැක්කා මාධ්‍ය වාර්තා කරලා තියෙනවා මේ ගිවිසුම අත්සන් කරලා තියෙන්නෙ 17 වෙනිදා රෑ 12.06 ට. සිකුරාදා රෑ 12ට ගිවිසුම් අත්සන් කරනවා රට ගැන ! අත්සන් කරලා ආපු සුද්දා පාන්දර 2.00ට තියෙන ෆ්ලයිට් එකේ ඇමරිකාවට යනවා. ඊට පස්සෙ ගෝඨාභය රාජපක්ෂත් ඇමරිකාවට යනවා. ඕකයි සිද්ධ වුණේ.

ඔබ හිතනවාද මේ රටේ රෑ 12.06 ට ගිවිසුම් අත්සන් කරන්න ? බකමූණොද මේගොල්ලො ? නිශාචරයොද ?

දැන් මොකද වෙන්නෙ ? බලශක්ති ක්ෂේත්‍රයේ අයිතිකාරයා තමයි හෙට අපේ රටේ ආණ්ඩුව තීරණය කරන්නෙ. මෙය වළක්වා ගැනීම සඳහා අපි නීතිමය ක්‍රියාමාර්ගවලට යන්න අපේක්ෂා කරනවා, නීතීඥ කණ්ඩායමකට භාරදීලා තිබෙනවා මෙය අධ්‍යනය කරන්න. මේ කොවිඩ් තත්වයක් ඇතුළෙ මතක තියාගන්න. කෙනෙකුට පාරට බහින්න බෑ, මේ සියල්ල ගුහාගත කරමින් රටට අහිතකර තීන්දු තීරණ මේ පාලකයින් ගනිමින් ඉන්නවා”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

Share with your friends :