27 C
Colombo
19/01/2025

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියේ රාජ්‍ය නායක සමුළුව ඇරඹේ

Share with your friends :

එක්සත් ජාතීන්ගේ 76 වන මහ මණ්ඩල සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව අද (21) ආරම්භ විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (22) දින එම සමුළුව ඇමතීමට නියමිතය.

කොවිඩ්-19 වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණගැන්වීම යන්න තේමාව යටතේ මෙවර එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙයි.

එය නිව්යෝර්ක් වේලාවෙන් අද පෙරවරු නවයට, එනම් මෙරට වේලාවෙන් පස්වරු හයයි තිහට පමණ ආරම්භ විණි.

එසේම ඊට සමගාමීව පැවැත්වෙන ආහාර පද්ධති සමුළුවේදී සහ බලශක්තිය පිළිබඳව ඉහළ මට්ටමේ සංවාදයේදී ද ජනාධිපතිවරයා අදහස් දැක්වීමට සූදානමින් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

සැසිවාරය අතරතුර දි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් සබා අල් හමාඩ් අල් සබා මහතා අතර හමුවක් නිව්යොර්ක් මෑන්හැට්න්හීදී පැවැත්වුණි.

Share with your friends :