කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් ඇමෙරිකානු සමාගමකට පැවරීම සඳහා ගෙන ඇති තීරණයට විරුද්ධවීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් තීරණය කර ඇත.
මෙම පක්ෂ නායකයන් බොරැල්ලෙ පිහිටි කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ රැස්වී මෙම තීරණය ගෙන ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් ,රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ,ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ ,ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක ඇමති වාසුදේව නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර , වීරසුමන වීරසිංහ, කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ ,හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර යන මහත්වරු එම සාකච්ඡාවට සහභාගී වූහ .
යුගදනවි බලාගාරයේ කොටස් වලින් සියයට 40ක් ඇමෙරිකානු සමාගමකට දීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණි පසු සාකච්ඡා කිරීමටත්, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී මේ සම්බන්ධව සාකච්ඡා කිරීමටත් එම පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත .