27 C
Colombo
21/01/2025

යුගදනව් විදුලි බලාගාරයෙන් සියයට හතලිහක කොටස් ඇමරිකානු සමාගමකට

Share with your friends :

ඇමරිකාවේ නිවු ෆෙට්‍රොස් නැමැති සමාගමකට මෙරට යුගදනව් විදුලි බලාගාරයෙන් සියයට හතලිහක කොටස් පවරා දීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබී තිබේ.

මෙම යෝජනාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

එම යෝජනාවට වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරු විරෝධය පල කරන බව මීට පෙර සඳහන් කර තිබුනද එය සම්මතවී තිබේ. මීට පෙරද මේ ආකාරයටම මේ ඇමතිවරු විවිධ කාරණා සම්බන්ධයෙන් හඬ නගන බව පෙන්නුම් කලද පසුව එක්වරම නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම දැක ගන්නට හැකිවිය.

බලාගාරයේ මහා භාණ්ඩාගාරය සතු කොටස් වලින් සියයට හතළිහක් මෙසේ ඇමෙරිකානු සමාගමකට පවරා දීමෙන් ඩොලර් මිලියන 300ක ප්‍රමාණයක් මෙරටට හිමිවෙයි.

Share with your friends :