27 C
Colombo
20/01/2025

කිරි පිටි සමාගම් ඇමතිව අන්දලා-බොරු මිල ගණන් කියා මිල වැඩි කර ගෙන

Share with your friends :

කිරිපිටි සමාගම් රජය මුලා කරමින් ව්‍යාජ සංඛ්‍යා ලේඛන හා මිලගණන් ඉදිරිපත් කර මිල වැඩි කර ගෙන තිබේ. ලෝක වෙළඳ පොලේ මේ වන විට කිරිපිටි මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 3600 ත් 3700 ත් අතර වේ. එසේ තිබියදී කිරිපිටි ආනයනකරුවන් පෙන්වා දී ඇත්තේ ඔවුන් කිරිපිටි ආනයනය කරන්නේ ටොන් එකක් ඩොලර් 4200 ක පමණ මිලට බවයි.
සැබෑ මිල ගණන් යටතේ කිරි පිටි කිලෝවක් ආනයනයට වැය වන්නේ රුපියල් 750 ක් පමණ මිලකි.
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200කින් ඉහළ නැංවීමට කිරිපිටි ආනයනකරුවන් හා විෂයභාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අතර පැවති සාකච්ඡාවකදී එකඟ වී තිබේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව එළඹෙන සතියේදී ජීවන වියදම් කමිටුව විසින් ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය.

සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා හා කිරිපිටි ආනයනකරුවන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී ආනයකරුවන් විසින් කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 350කින් ඉහළ දැමීමට ඉල්ලීම් කර තිබුණි.

සාකච්ඡාවේ දී දෙපාර්ශ්වය අතර එකඟත්වය ඇතිවී ඇත්තේ රුපියල් 200කින් කිරිපිටි කිලෝග්‍රෑමයක මිල වැඩි කිරීමටය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව එළඹෙන සතියේ ජීවන වියදම් කමිටුව විසින් ගනු ලබන බව විෂයභාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය.

දැනට වෙළෙඳපොළේ කිරිපිටි කිලෝවක මිල රුපියල් 945ක් වන අතර මෙලෙස රුපියල් 200කින් මිල ඉහළ නැංවුවහොත් කිරිපිටි කිලෝවක මිල රුපියල් 1,145ක් දක්වා ඉහළ යනු ඇත.

එමෙන්ම දැනට වෙළඳපොළේ පවතින ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 78කින් ඉහළ යන අතර ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 458ක් දක්වා ඉහළ යයි.

Share with your friends :