තොටළඟ ‘අරුණ’ එල්ලේ ක්රීඩා කණ්ඩායමේ නායකයා මරා දැමීමේ සිද්ධියට අදාළව යුද හමුදා ගැමුණු හේවා බලකායේ මෝදර කඳවුරට අනියුක්ත තවත් යුද හමුදා සාමාජිකයන් පස්දෙනෙකු කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මෙම සිද්ධියට අදාළ බව කියන එම බුද්ධි අනුඛණ්ඩය භාරව සිටි නිලධාරියා ද අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සැකකරුවන් අදාළ ඝාතනයට උපයෝගී කරගත් බව කියන කැබ් රථ දෙකක් ද කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මෙම සිද්ධියට අදාළව පොලීසිය අත්අඩංගුවට ගත් එල්ලේ ක්රීඩකයාගේ බිරිඳ වන ග්රාමනිලධාරිනිය සහ යුද හමුදා කෝප්රල්වරයා ඇතුළු යුද හමුදා සාමාජිකයන් 09 දෙනකු ලබන 30 වැනිද තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.