27 C
Colombo
25/11/2024

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙන් සී.අයි.ඩී යට පැමිණිල්ලක්

Share with your friends :

බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයාව සිටි ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් ගිනි අවි පෙන්වා එහි සිටි සිරකරුවන් පිරිසකට මරණ තර්ජන කළැයි කියන සිද්ධියකට අදාළව වහාම පරීක්ෂණයක් පවත්වා ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීල්ලක් කර ඇත.

විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලට අනුව ඉකුත් 12 වැනිදා සවස් වරුවේදී අමාත්‍ය රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි දෙමළ සිරකරුවන් පිරිසක් බලහත්කාරයෙන් සිරමැදිරිවලින් එලියට ගෙන දණ ගස්වා මරණ තර්ජන කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය සිදුකරන ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සභාපති නිතීඥ සේනක පෙරේරා මහතා සිය පැමිණීල්ලෙන් දක්වා තිබේ.

එදින බන්ධනාගරය තුළ සිදුවූ සිදුවීම වසන් කිරීමට බන්ධනාගාර බලාධිකාරිය ද කටයුතු කර ඇති බව ද නිතීඥවරයා සිය පැමිණීලෙන් සදහන් කර ඇත.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයාව සිටි ලොහාන් රත්වත්තේ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණීය, සහ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක යන අයවලුන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර වහාම ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නිතීඥවරයා සිය පැමිණීල්ලෙන් ඉල්ලා ඇත.

Share with your friends :