ශ්‍රී ලංකාවේ පශ්චාත් කොරෝනා සමයේ අභියෝග ජය ගැනීමට මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණඩල සැසිය මහඟු අවස්ථාවක් වනු ඇතැයි ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (16) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු මෙම මාධ්‍ය හමුව සංවිධානය කරනු ලැබුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විසිනි. “ජිනීවා චෝදනා, එක්සත් ජාතීන්ගේ සමුළුව සහ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්ති” යන්න එහි තේමාව විය.
මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙන්ම අනෙකුත් සියලු රාජ්‍ය නායකයන්ගේ දේශනයන්හි අන්තර්ගතය “කොවිඩ් අභියෝගය ජය ගැනීමේ ක්‍රියාන්විතය සහ ඉදිරි සැලසුම්” බව ද වීරතුංග මහතා සදහන් කළේය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් ප්‍රජාව අතර පවතින විවිධ වැරදි මතවාදයන් නිවැරරදි කිරිමට මෙවර රාජ්‍ය නායක සමුළු අවස්ථාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවහල් කරගනු ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.