ගම්පහ ප්‍රදේශයේ වෙළඳසල් වල භාණ්ඩ මිල ගණන් අසාමාන්‍ය ලෙස වෙළඳුන් විසින් ඉහල දමා තිබේ. අත්‍යවශ්‍ය භාණ්ඩ පවා පාලන මිලට වඩා ඉතාම වැඩි මිලට අලෙවි කරන වෙළඳුන් බොහෝ ඇතත් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් එවැනි වෙළඳසල් සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා බවට මහජනතාව පවසති.
පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ ප්‍රදේශයේ ඇතැම් නිලධාරීන් සමග ප්‍රධාන පෙලේ වෙළදුන් සමීප සම්බන්ධතා පැවැත්වීම නිසා මෙම වෙළඳුන් වැටලීම සිදු නොකරන බව මහජනතාව පවසති.
මේ චෝදනා වලින් බේරීම සඳහා පසුගිය දිනෙක වෙළඳුන් තුන්හතර දෙනෙකු පමණක් අල්ලා නීතිමය පියවර ගැනීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පියවර ගෙන තිබිණි.
previous post
next post