ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මානව මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබද ප්‍රගතිය පිළිබද සලකා බැලෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිට එම කවුන්සිල මූලස්ථානයේදී හෙට (13) ආරම්භ කෙරේ.
මානව හිමිකම් කවුන්සිලයේ ඉකුත් 46 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කර ගත් ශ්‍රී ලංකාවේ සංහිදියාව හා මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබද යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබද මානව හිමිකම් පිළිබද එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය වාචික වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත අතර එය හෙට (13) දිනයේදීම කවුන්සිලයේ සාමාජික රටවල් 47 ට ඉදිරිපත් කෙරෙනු ඇතැයි ජිනීවා හී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය කියා සිටී.
ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.00ට සැසිය ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකාව පිළිබද මානව හිමිකම් පිළිබද එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරියගේ වාචික වාර්තාව සම්බන්ධයෙන් වන විවාදය පසුදින (14) දිනියේදී පැවත්වේ.
ඒ සම්බන්ධයෙන් කවුන්සිලයයේ සාමාජික රටවල් නිත්‍ය නියෝජිතවරුන්ගේ සහභාගීත්වයෙන් , ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය , හියුමන් රයිට්ස් වොච් ආදී ජාත්‍යන්තර සිවිල් සංවිධාන අදහස් දැක්වීමට නියමිත අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ජීනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා වෙනම අදහස් දැක්වමට නියමිතය.
ශ්‍රී ලංකාවට අමතරව අද දින ඇෆ්ගනිස්ථානය, නිකරගුවාව , ඉතියෝපියාවේ ටයිග්‍රේ කලාපයේ, මියන්මාරය , සහ යේමනය මානව හිමිකම් තත්ත්වය පිළිබඳව මහකොමසාරිස්වරියගේ වාචික වාර්තා ද මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර හියුමන් රයිට්ස් වොච් සංවිධානය ඊයේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ නරක අතට හැරෙමින් පවතින මානව හිමිකම් තත්ත්වය පිළිබඳව දැඩිව පරීක්‍ෂා කළ යුතු බවත් , අතර සැබෑ වැඩිදියුණු කිරීම් සඳහා බලපෑම් කළ යුතු බවය.
ශ්‍රි ලංකාව තුළ දිගින් දිගටම දිගින් දිගටම සිදුවන ස්වාධීන රාජ්‍ය ආයතන දුර්වල වීම, සිවිල් පාලනයේ බිදවැටීම් ,නීතියේ අධිපත්‍යයට සිදුවන හිරිහැර පෙන්වා දෙමින් ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම් සපුරාලීම සඳහා ශ්‍රී ලංකා රජයට බලපෑම් කිරීමට මානව හිමිකම් කවුන්සිලය කටයුතු කළ යුතු බවද හියුමන් රයිට්ස් වොච් සංවිධානය කියා සිටී.