කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා රටපුරා පනවණු ලැබ ඇති නිරෝධායන ඇදිරි නීතිය තවත් සතියක කාලයකට දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.
මේ අනුව නිරෝධායන නීතිය අවසන් වන්නේ ලබන 21 වැනිදා අඟහරුවාදා අලුයම හතරටය. රටපුරා කොරෝනා පැතිරීම සම්බන්ධයෙන්වූ වාර්තා විශ්ලේෂණය කිරීමෙන් පසුව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත.
ජනාධිපතිවරයා මෙයට පෙර ගත් තීරණය අනුව නිරෝධායන ඇඳිරි නීතිය අවසන් වීමට නියමිතව තිබුණේ ලබන 13 වැනිදා සඳුදාය.
කොරෝනා පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස ජනාධිපතිවරයා විසින් රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය පනවණු ලැබුවේ පසුගිය අගෝස්තු මස 20 වැනිදාය.
නිරෝධායන ඇඳිරි නීතිය අද මෙසේ දීර්ඝ කෙරුණේ දෙවැනි වතාවටය. රටපුරා ඇඳිරි නීතිය පණවා අද (11) වනවිට දින විසි තුනක් ගත වී ඇත. මේ අනුව නිරෝධායන ඇඳිරි නීතිය ක්රියාත්මක කෙරුණු කාලය ලබන 21 වැනිදා වනවිට දින තිස්තුනක් දක්වා ඉහළ යනු ඇත.
කොවිඩ් මර්ධන
ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (10) පෙරවරුවේ රැස්විය.