ඇමරිකා ඩොලරයේ මිල රු. 200 – 203 ක ස්ථාවර මට්ටමක පවත්වා ගෙන යන ලෙස මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා සියලු බලපත්‍රලාභී බැංකු ප්‍රධානීන්ගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇතැයි මහබැංකු ආංරචි මාර්ග වලින් පැවස්.
විනිමය අනුපාතයේ අධික අස්ථාවර භාවය හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වල දේශීය මිල ගණන් වල අහිතකර ගැලපීම් ඇති වන බවත් , එමඟින් සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්වයන්ට අතිශයින් අහිතකර බලපෑම් ඇති වන හෙයින් මහ බැංකු අධිපතිවරයා මෙම ඉල්ලීම කර ඇතැයි ද එම ආරංචි මාර්ග කියා සිටී.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මේ වන විටත් පියවර කිහිපයක් ගෙන ඇති අතර, මේ රටේ මුල්‍ය ප්‍රජාවේ වගකිව යුතු සාමාජිකයින් වශයෙන්, ඇමෙරිකානු ඩොලරයකට රු. 200 – 203 සහ ඊට අනුරූපව මෙම එකඟ වූ අනුපාත පරාසයෙන් පවත්වාගෙන යාමට ක්‍රියාකාරී හා ස්ථිරසාර සහයෝගීතාව අවශ්‍ය බවද මහ බැංකු අධිපතිවරයා මෙහිදී සියලුම බලපත්‍රලාභි බැංකු ප්‍රධානී ගෙන් ඉල්ලා ඇත.
මේ අතර මීට පෙර ඩොලරයේ මිල ස්ථාවර අගයක මහ බැංකුව දෛනිකව ප්‍රකාශ කර සිටිය ද පෞද්ගලික බැංකු ඇතුළු විධිමත් විදේශ විනිමය වෙළෙඳපොළේ එය රු. 230 ක් දක්වා ඉහළ මිලකට අලෙවි විය. කෙසේ නමුත් අවිධිමත් හෙවත් කළුකඩ මිල ඇමෙරිකා ඩොරලයක් වෙනුවෙන් රු. 240 – 250 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් මහ බැංකු අධිපතිවරයා කළ මෙම ඉල්ලීම සැලකිල්ලට ගනිමින් පෞද්ගලික බැංකු ඊයේ (08) දිනයේ ඇමෙරිකා ඩොලරයක ගැනුම් මිල රුපියල් 196.10 කටත් , විකුණුම් මිළ රුපියල් 203 ක් වශයෙන් මිළ සටහන්ව පැවතීනි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් කියා සිටියේ මෙම ඉල්ලීම හරහා ඇමෙරිකානු ඩොලරයේ කළු කඩ මිල සීඝ්රයෙන් ඉහළ යාමට මෙම පියවර හේතුවනු ඇති බවය.