ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත් කර සිටින මිලින්ද මොරගොඩ මහතාගේ අක්තපත්‍ර ඉන්දීය රජය පිළිගෙන නැතැයි පලවන වාර්තා අසත්‍ය බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
මොරගොඩ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සහ පසුගිය 30 වැනිදා රාජකාරි ඇරඹුවේ නවදිල්ලි නුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේදීය.
ඉන් පසු වාර්තා පල වූයේ ඒ මහතා පත්කර ඇත්තේ කැබිනට් අමාත්‍යවරයකු බලතල සහිතව බවත් නමුත් ඉන්දීය රජය විසින් එම බලතල සහිතව අක්ත පත්‍ර භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවත්ය.