කොවිඩ් ආසාදිතවූ තවත් 189 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 10,140 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අයගෙන් 154 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 24 ත් අතර වයසේ පසුවන 34 දෙනෙක් සහ අවුරුදු 30 ට අඩු එක් අයෙක් ද ඒ අතර වෙති.
මියගිය අය අතරින් 96 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 93 දෙනෙක් වෙති.