කොවිඩ් -19 පාලනය සඳහා රට තවත් සතියක් හෝ දෙකක් වසාතැබීම කළ යුතු බව තම පෞද්ගලික මතය බව කොවිඩ් පාලන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
එසේම ඇය පැවසුවේ ජනතාව සැමවිටම ස්වයං විනයක් ඇතිව සෞඛ්‍ය පුරුදුවලට අනුගතව කටයුතු කිරීමෙන් කොවිඩ් රෝගයෙන් ආරක්ෂා විය හැකි බවය.
මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසූ කරුණක් උපුටා දක්වමින් රාජ්‍ය ඇමතිවරිය පැවසුවේ, ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරයාමත් සමග හඳුනානොගත් කොවිඩ් ආසාදිතයින් 50,000ක් පමණ සමාජයේ සිටිය හැකි බවය.
රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහලට සිදුකළ උපකරණ පරිත්‍යාගයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ට පිළිතුරු දෙමින් ඇය ඒ බව පැවසුවාය.