27 C
Colombo
29/11/2024

විදෙස් මුදල් තැන්පතු සඳහා උපරිම පොළිය සියයට 05 යි – මහ බැංකුවෙන් නියෝගයක්

Share with your friends :

සියලුම විදේශ මුදල් තැන්පතු සඳහා ගෙවිය හැකි උපරිම පොළිය 05% ක් දක්වා සීමා කර ඇත. මහ බැංකු වාණිජ්‍ය බැංකු වෙත ඊට අදාල නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම පොළී අනුපාත සීමා කිරීම අගෝස්තු 24 වැනිදා සිට බලපැවැත්වේ. ඒ අනුව මෙරට සියලු වාණිජ බැංකුවල සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ක්‍රියාත්මක සියලුම නව විදේශ මුදල් තැන්පතු, දැනට පවතින විදේශ මුදල් ඉතුරුම් තැන්පතු, විදේශ මුදල් කාලීන තැන්පතු අලුත් කිරීමේදී මෙම නව නීතිය අදාල වන බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Share with your friends :