කොවිඩ් ආසාධිත වූ තවත් 209 දෙනකු ඊයේ (25) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (26) තහවුරු කළේය.
එම මරණ 209 සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ 8157 දක්වා ඉහළ ගියේය. මියගිය පුද්ගලයන් අතර පිරිමි 108 ක් සහ කාන්තාවෝ 101ක් වෙති
.මියගිය පුද්ගලයන් 163 දෙනකු අවුරුදු 60 ට වැඩි අය වන අතර 46 දෙනකු අවුරුදු 30 සහ 59 අතර වයසේ පසුවන්නෝ වෙති.ශ්‍රී ලංකාවේ වාර්තා වූ දෛනික කොරෝනා මරණ අතුරින් 200 සීමාව ඉක්මවා ගිය ප්‍රථම අවස්ථාව මෙයයි.