27 C
Colombo
28/11/2024

සීනි කිලෝවකින් රුපියල් 100ක් ලාභ ලැබීම අපරාධයක්

Share with your friends :

සීනි කිලෝවක් රුපියල් 210 කට අළෙවි කර කිලෝවකින් රුපියල් 100ක් ලාභ ලැබීම අපරාධයක් බවත් වෙළදුන් සහ තොග පිළිබඳ සියලු තොරතුරු දැන සිටිය ද කළයුතු දෙයක් නොමැති බවත් පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

සීනි කිලෝවක සිල්ලර මිල පසුගිය සතියේ රුපියල් 160 ක්ව පැවැති අතර ඒ අනුව සතියක් තුළ සීනි කිලෝවක මිල රුපියල් 50 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මේ ආකාරයට මිල වැඩි කිරීම ඉතාමත් අසාධාරණ බව කී අමාත්‍ය අලගියවන්න මහතා වෙළෙඳුන් නීතිය ස්ථාපිත වීමට පෙර ලාභ ලැබීමේ අරමුණින් මේ සඳහා පෙළඹී ඇති බවත් සඳහන් කළේය.

වැඩි මිලට අත්‍යවශ්‍ය ආහාර අලෙවිකරණ පුද්ගලයන්ට එරෙහිව දඩ මුදල් වැඩි කිරීමේ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබුණ ද පාර්ලිමේන්තුවේ පළමුවර කියවීමට යොමු කර ඉන් පසුව එය නීතියක් බවට පත්වීම ප්‍රමාද වී ඇති බවත් ඒ හේතුවෙන් තමන්ට ද කරන්න දෙයක් නොමැති බවත් පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වැඩි දුරටත් පැවසීය.

Share with your friends :