27 C
Colombo
28/11/2024

කොරෝනා දේහ ආදාහනයට ආදාහනාගාර ඉඩ මදි.. කොරෝනා නොවන මරණ භූමදානය කරන්නැයි කියයි…

Share with your friends :

කොරෝනා මරණ ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ආදාහනාගාර වල ඉඩකඩ ප්‍රමාණවත් නොවන තත්ත්වයක් මතුවී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ බදුල්ල දිස්ත්‍රික් සංගම් සභාපති ආර් දිසානායක මහතා පවසන්නේ කොරෝනා මෘත දේහයන් ආදාහනය සඳහා යොදා ගන්නා ආදාහනාගාර 09ක් දිස්ත‍්‍රික්කයේ ඇති බවත් ඒවායේ ආදානය කළ හැක්කේ දිනකට මරණ 27 කට අඩු සංඛ්‍යාවක් බවත්ය.

කොරෝනා නොවන මරණද ආදාහනය සිදු වන බැවින් දෛනික ධාරිතාව ඉක්මවූ විට ආදාහනාගාර වල ඉඩකඩ වෙන් කරගත නොහැකි වන බවද ඔහු කියා සිටී.

එනිසා කොරෝනා නොවන මරණ මේ දිනවල ආදාහනය කිරීම වළක්වා ඒවා භූමදානය කිරීමට ඥාතීන් දැනුවත් කිරීමට පියවර ගත යුතුව ඇතැයි ද ඔහු සඳහන් කළේය.

Share with your friends :