27 C
Colombo
02/02/2025

වෙළෙඳ සංගම් තවත් නගර කිහිපයක් වසයි

Share with your friends :

තවත් නගර කිහිපයක වෙළෙඳසැල් වසා තැබීමට අදාළ වෙළෙඳ සංගම් තීරණය කර තිබේ.

පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බව වෙළෙඳ සංගම් සඳහන් කළේය.

ඒ අනුව අද (18) සිට බදුල්ල, ත්‍රිකුණාමලය, රත්නපුර සහ බලංගොඩ යන නගරවල සියලු වෙළෙඳ සැල් සතියක කාලයක් වසා තැබීමට නියමිතය.

මීට අමතරව හෙට (19) සිට වැලිමඩ සහ අනුරාධපුර නගරයේ වෙළෙඳසැල් ද සතියක කාලයක් සඳහා වසා තැබෙනු ඇත.

පවතිත වසංගත තත්ත්වය හේතුවෙන් එම තීරණය ගත් බව අනුරාධපුර එක්සත් වෙළෙඳ සංගමයේ සභාපති සරත් මුණසිංහ මහතා පැවසුවේය.

මේ අතර, හැටන් කොටගල නගරයේ සියලු වෙළඳසැල් හෙට (19) සිට සතියක කාලයක් වසා තැබීමට වෙළෙඳ සංගමය තීරණය කර තිබේ.

හෙට සිට ලබන 26 වන දින දක්වා වෙළදසැල් වසා දැමීමට කොටගල වෙළෙඳ සංගමය තීරණය කර ඇත.

මේ අතර තංගල්ල සහ කරන්දෙණිය නගරවල වෙළෙඳසැල් ද අද සිට සතියක කාලයක් වසා දමා ඇති බව සඳහන්ය.

Share with your friends :