පාස්කු දින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටි ජාතික සමගි පෙරමුණේ නායක බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ලබන 31 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ ප්‍රාධාන මහේස්ත්‍රාත් බුද්ධීක ශ්‍රී රාගල මහතා අද නියෝග කළේය.
හෘදයාබාදයක් හේතුවෙන් පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි සැකකාර අසාද් සාලි මහතා නිරීක්ෂණය කිරීම සදහා එම රෝහලට ගිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත සැකකරු එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
1978 ත්‍රස්වාදය වැළැක්වීමේ පනත, ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 291 (අ) සහ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන ජාත්‍යන්තර සම්මුති පනත ප්‍රකාරව නිතිපති උපදෙස් මත අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත රදවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටි මෙම සැකකරුගේ ප්‍රශ්න කිරීම් අවසන් කර ඇති බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද මෝසමක් මගින් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
ඒ අනුව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු නිරීක්ෂණය කළ අධිකරණය ඔහු රක්ෂිත බන්ධානාගර ගත කර බන්ධනාගාරය භාරයේ ප්‍රතිකාර අවසන් වන තෙක් රෝහලේ රැදී සිටීමට අවසර ලබා දුන්නේය.