27 C
Colombo
26/11/2024

‘කොවිඩ්’ ආසාදිතයන් 11,000 ක් වෛද්‍ය අධීක්‍ෂණයෙන් නිවෙස්වල

Share with your friends :

‘කොවිඩ්’ ආසාදිතයන් 11,000 ක් වෛද්‍ය අධීක්‍ෂණය යටතේ නිවෙස් නිරෝධායනයේ සිටින බව පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥාවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥා වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පැවසුවාය.

අදාල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා හරහා යොමු වන රෝගීන් දත්ත පද්ධතියේ ලියාපදිංචි කර 1390 දුරකථන අංකය ලබාදෙන බව කී විශේෂඥා වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය ඉන් පසුව ඔහු සම්බන්ධ සියලුම දේ වෛද්‍ය අධක්‍ෂණය යටතේ සිදුවන බව සඳහන් කළාය.

විශේෂඥා වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පැවසුවේ රෝගීන්ගෙන් 1390 දුරකථනය හරහා යම්කිසි ස්වසන අපහසුතාවක් තිබේද යන්න විමසා එසේ වන්නේ නම් පෙනහැල්ලේ ආසාදනය ආරම්භ වී ඇති බව උපකල්පනය කරන බවත් එය මුලින් හදුනාගැනීම වඩාත් වැදගත් බවත්ය.

නිවෙස් නිරෝධායනයේ සිටින රෝගගීන් 11000 න් 500 ක් පමණ රෝහල්ගත කළ බවත් විශේෂඥා වෛද්‍යවරිය වැඩි දුරටත් පැවසුවාය.

Share with your friends :