27 C
Colombo
27/11/2024

රාජ්‍ය ඇමතිනී සුදර්ශනී දුන් ආදර්ශය

Share with your friends :

කොරෝනා අවදානම සැලකිල්ලට ගෙන කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ පුතාගේ විවාහ මංගල්‍ය උත්සවයද කල් දමා ඇත.
මේ අතර විවාහ මංගල්‍ය උත්සව ඇතුළු සාදවලට මේ අවස්ථාවේදී සහභාගිවීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්නැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහුද ජනතාවගෙන් ඉල්ලා සිටිති.

එසේ නොවුණහොත් මංගල උත්සව පොකුරු නිර්මාණයවී කොවිඩ් අවදානම තවත් වැඩි වර්ධනය විය හැකි යැයි ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.
මේ අතර සෞඛ්‍ය නීති නොතකමින් විවාහ මංගල්‍ය උත්සව පවත්වන පුද්ගලයන් සම්බන්ධයෙන් සෙවිල්ලෙන් සිටින ලෙස සෞඛ්‍ය අංශ ප්‍රධානීන් දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනටමත් උපදෙස් මාලාවක් ලබා දී ඇත.
කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ පුත්‍රයා වන භනුක ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ විවාහ මංගලෝත්සවය හෙට දිනයේදී කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී පැවැත්වීමට නියමිතව තිබිණ.
සිය පුතුගේ විවාහ මංගල්‍යයට අදාල ආගමික චාරිත්‍ර පමණක් සිදු කිරීමට ඇමතිවරිය තීරණය කර මංගල උත්සවය නොපැවැත්වෙන බව ඒ සඳහා ආරාධනා කර තිබූ අමුත්තන්ට දින කිහිපයකට දන්වා තිබිණි.

භානුක ප්‍රනාන්දුපුල්ලේ මහතා, අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ එකම පුත්‍රයායි.

Share with your friends :