ඩෙල්ටා වෛරස ප්‍රභේදය මෙරට තුළ ඉතා සීග්‍රයෙන් පැතිර යන බැවින් අලුත් ප්‍රභේදයක් බිහිවීමේ හැකියාවක් පවතින බවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අඟවයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම සංගමයේ සභාපති, වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළේ එවැනි නව ප්‍රභේදයක් ඇති වුවහොත් එය ඩෙල්ටා ප්‍රභේදයටද වඩා සීග්‍රයෙන් පැතිර යනු ඇති බවයි.
දැනටමත් බොහෝ ප්‍රභේද බිහි වී ඇති නමුත් ප්‍රධාන වෛරසය සමග සටන් කිරීමට නොහැකි නිසා එම ප්‍රභේද මතුවීමටද ප්‍රථම අභාවයට යන බව වෛද්‍යවරිය පවසයි.
ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑමෙන් දෛනික ආසාදිතයන් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවත් ඉන් සිදුවන බලපෑම හේතුවෙන් රෝහල් පද්ධතිය උපරිමයට ලඟා වී ඇති බවත් පෙන්වා දෙන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසන්නේ කඩිනම් ක්‍රියාමාර්ග නොගතහොත් සෞඛ්‍ය පද්ධතිය සම්පූර්ණයෙන් කඩා වැටෙනු ඇති බවයි. ඒ නිසා කඩිනමින් සංචරණ සීමා පනවා වෛරසයේ පැතිරීම පාලනය කරන්නැයි එම සංගමය රජයෙන් ඉල්ලා සිටියි.