27 C
Colombo
03/02/2025

ආනයනික කිරිපිටි බද්ධ අඩු කිරීමට යයි ?

Share with your friends :

ආනයනික කිරිපිටි සඳහා අය කෙරෙන බදු අඩු කිරීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස කැබිනට් මණ්ඩලය මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇත

දේශීය කිරි නිෂ්පාදනයට හානියක් නොවන අන්දමින් මෙම බදු අඩු කිරිම කළ යුතුව ඇතැයි ද කැබිනට් මණ්ඩලය මුදල් අමාත්‍යංශයට උපදෙස් දී තිබේ .

කිරිපිටි සමාගම් කිරි පිටි ආනයනය සීමා කිරීම නිසා වෙළඳපොළේ කිරිපිටි හිඟයක් මතුව තිබෙන අතර ,එය සැලකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩලය මෙම උපදෙස් දී ඇතැයි දැනගන්නට තිබේ.

වෙළදපොලේ පවතින කිරිපිටි හිඟය සම්බන්ධයෙන් ද කැබිනට් මණ්ඩලයේ දැඩි අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ .

Share with your friends :