27 C
Colombo
19/01/2025

‘‘රට වහන්නේ නෑ’’

Share with your friends :

කෝවිඩ් ව්‍යාප්තිය හමුවේ රට වසා දැමීමක් නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ පැවැති කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකා රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

කෝවිඩ් රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් පෙන්නුම් කර ඇතත් රට වසා දැමීමේ හැකියාවක් නැතැයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශවලට එහිදී උපදෙස් දී ඇත.
අද මධ්‍යම රාත්‍රී සිට බල පවත්වන පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනයට ලක් කර තිබේ.

ඒ අනුව සැප්තැම්බර් මස පළමුවැනි දින දක්වා සියලුම රාජ්‍ය උත්සව අවලංගු කර ඇත.

විවාහ උත්සව පැවැත්වීමේ දී ශාලාවේ ආසන පන්සියයකට වැඩි නම් එහි සහභාගී විය හැකි පිරිස 150කි.

ආසන පහසුකම් 500ට අඩු නම් උපරිම පිරිසක් 100කි.

අවමංගල්‍යයක් සඳහා සහභාගි විය හැකි උපරිම 25 දෙනෙකු පමණි.

එමෙන්ම සදුදා දිනයේ සිට රාජ්‍ය සේවකයන් කැඳවීමේදී අත්‍යවශ්‍ය පුද්ගලයන් පමණක් නැදවන ලෙස දැනුම්දී තිබේ.

කාර්යාලයට එකවර කැඳවන සේවකයන් තීරණය කිරීම ආයතන ප්‍රධානියා ට බලය පවරා ඇත.

ව්‍යාප්ත වෙමින් ඇති කොරෝණා තත්වය හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

Share with your friends :